මෙහි අඩංගු සියළු ගීත ඔබේ රසාස්වාදය වෙනුවෙන්ම පමණි. ගීතවල සියළුම අයිතීන් මුල් නිර්මාණකරුවන් සතුය. කරුණාකර වාණිජ අරමුණු වෙනුවෙන් යොදානොගන්න..

Jun 27, 2016

ගම්මානය කල එලි වූවා

තිලකසිරි ප්‍රනාන්දු ගායන ශිල්පියාගේ ගීත වලින් අද පරපුර බොහෝවිට අසා ඇත්තේ සහ අද පරපුර අතර තරමක් හෝ ජනප්‍රිය එන්න මදනලේ ගීතයයි. එයද බොහෝවිට අද පරපුර අසා ඇත්තේ රෝහණ සිරිවර්ධනයන්ගේ හෝ වෙනත් අයෙකුගේ හඬින්. ඔහුගේ අනෙකුත් ගීත අද පරපුර අතර ප්‍රචලිත නොවීමට ප්‍රධාන හේතුව නම් ගීත වල ඇති වරදක් නොව එම ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය නොවීමයි. මේ කලකට පෙර ඔහු ගායනා කල එකල ජනප්‍රියවූ ගීතයක්. තරමක් දිගු ගීතයක් වන මෙය මා පටිගත කරගත් අවස්ථාවේත් ගුවන් විදුලියෙන් සම්පූර්ණයෙන්ම ප්‍රචාරය නොවීම හේතුවෙන් අවසන් කොටස අහිමිව ඇත.
යුග ගායනය: ජීවරාණී කුරකුලසූරිය
පද: කරුණාරත්න අබේසේකර ? ආනන්ද සරත් විමලවීර ???

2 comments:

  1. කුඩා දැරියක් ව සිටියදී ඇහුණාට පසු ඇසුවේ අදයි....
    මතකයේ තිබුණේ මේ තනුවත් "ගම්මානය කළ එළි වූවා .. මාලා මනමාලිය වූදා" යන කොටසත් පමණක් මයි...

    ජීවිතයේ ප්‍රථම වතාවට අරුත් තේරුම් ගනිමින් අසම්පූර්ණ ව හෝ සම්පූර්ණ ගීතය ඇසුවේ අදයි...

    ගීතයෙන් කියවෙන දේටත් වඩා මේ ගී නාදයෙන් මා වෙනත් ඉසව්වකටයි රැගෙන ගියේ..
    අතීත ආවර්ජනාවන් මෙසේ ගීත ඔස්සේ මනස හා යා කරවනවාට හද පිරි ස්තූතිය ඔබට පිරිනමනවා වසන්ත....
    පින් සිදුවේවා... !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට. :D

      Delete