මෙහි අඩංගු සියළු ගීත ඔබේ රසාස්වාදය වෙනුවෙන්ම පමණි. ගීතවල සියළුම අයිතීන් මුල් නිර්මාණකරුවන් සතුය. කරුණාකර වාණිජ අරමුණු වෙනුවෙන් යොදානොගන්න..

May 5, 2016

සඳ රැස් වැටී - කුලරත්න තෙන්නකෝන්

සඳ රැස් වැටී - ගායනය : කුලරත්න තෙන්නකෝන්

ගීතය ඔබේ රසාස්වාදය වෙනුවෙන්ම පමණි. වාණිජමය අරමුණු වෙනුවෙන් යොදානොගන්න. සියළු අයිතීන් මුල් නිර්මාණකරුවන් සතුය.
අන්තර්ජාලයට එක් කිරීම වසන්ත සුදසිංහ


1 comment:

  1. කලින් අසා ඇති බවක් යාම්තමට හිතට නැඟුණත් එතරම් පැහැදිළි මතකයක් නැහැ.. ඒත් අගනා ගීතයක්.. මෙවන් සිව්පද ලෙසින් ලියැවුණු ගීත කොතෙකුත් තියෙනවා... ප්‍රේමකීර්ති ද අල්විසුන් ගේ ගීත බොහොමයක් ඒ ආකාරයේ ගීත.. සංගීතඥයින් විසින් ඒවා අපූර්වතම ගීත බවට පත් කොට තිබෙනවා...
    විශේෂයෙන් ම වික්ටර් රත්නායකයන්...
    මේ ගීතයට සවන් දෙනකොට ප්‍රේම් ලියූ ගීතයක් බවට පත් නොකළ කවි පංතියක් මගේ මතකයට නැඟුණා...
    එයත් මේ ගීයේ පදවැල හා සමානයි බොහෝ දුරට...... smile emoticon

    සඳ එළියයි - මැණිකෙයි (ප්‍රේමකීර්ති ද අල්විස්/1971)

    කඳු මුදුනට නැගුණූ එළිය ඈත ඉඳන් අත............වනනව
    හඳ මුදුනට එන්න කලින් අහස වලාකුළු..............ඉරනව
    පරිසරයම හරි පාළුයි ඇඟ තුළ සීතල.................. දුවනව
    අන්න බලාපන් මැණිකේ සමන් කැකුළු ඇස්........ අරිනව
    .
    කණාමැදිරියන් නටනව නිල් එළි කැට...........විලිස්සමින්
    වල් බෙලි ගස් නිදනු වනිය ඇඟ පොරවා...... වලස් හමින්
    සුළඟ තැනින් තැන දුවනව ළදළු ළපලු......... හිනස්සමින්
    සඳ එළියට පොළොව තෙමිල පය තියන්නෙ.....පරිස්සමින්
    .
    පළගැටියන් වැලි කඩදහි අරගෙන ලෝකය......... මදිනව
    තද සුළඟට පොල් අතුවල ඉරටු ඇඟිලි ඇට...... කැඩෙනව
    හඳට බයේ වඳුරු රංචු හොරු වගෙ ගස් යට........ ලගිනව
    ළිඳට ගිහින් බලමු මැණිකෙ ළිඳ ඇතුළෙත් හඳ... තියෙනව

    කම්බි වැටට පිනි ඇමිණිල සතුටු කඳුළු බිංදු...........වගෙයි
    මැණිකෙව කැන්දන් ආ දා රැය මගෙ මතකයට.... නැඟෙයි
    එදා වගෙම අදත් සිතට ආදරයේ සිසිල. ..............හැඟෙයි
    උඹත් එක්ක හඳ පෑයූ මේ මුළු ලෝකය ම. ..........මගෙයි
    .
    ආදරයෙන් නිදිමත නැති පිරුණු දෙනෙත් යුග....... ... අරින්න
    නා දලු තොල් තෙත් කරවා අනුරා ගීතය..... ...........ගයන්න
    සඳ එළියෙන් බැහැ මැණිකේ මැණිකෙගෙ ලස්සන... බලන්න
    පැලට ගිහින් පැල ඇතුළේ කුප්පි ලාම්පුව................නිවන්න
    .
    (සඳ එළියයි- මැණිකෙයි / ප්‍රේමකීර්ති ද අල්විස්-1971)

    ReplyDelete