මෙහි අඩංගු සියළු ගීත ඔබේ රසාස්වාදය වෙනුවෙන්ම පමණි. ගීතවල සියළුම අයිතීන් මුල් නිර්මාණකරුවන් සතුය. කරුණාකර වාණිජ අරමුණු වෙනුවෙන් යොදානොගන්න..

Mar 2, 2016

හරිහර කඳ සුරිඳුනි



ගායනය :දයා හේමන්තා අබේසේකර

මහසෙන් කියන්නෙ කෝණාගම බුදුන් කල විසූ හෙළ පාලකයෙක්. ඓතිහාසික සාධක අනුව ශිව කියන්නෙ ඔහුගෙ පියා. හෙළයට කල උසස් සේවය හා ඔහුගේ නිපුණතා සලකා හෙළයන් විසින් ඔහු මියගියපසු  දේවත්වයේලා සැලකුවා. අද අප කතරගම දෙවියන් ලෙසින් හඳුන්වන්නේ මෙතුමන්වයි. පසු කාලීන ඉන්දියන් සංක්‍රමණිකයන් දෙවියන් යනු මිනිසාට වඩා ඉතා උසස් හා අද්භූත බලයක් ඇති ජීවින් කොටසක් ලෙස සලකනු ලැබීම නිසා මෙතුමන්ට මුහුණු සයක් අත් දොලසක් ආදිය යොදා අමුතු ස්වරූපයක් ආදේශ කලා.

ගීත සාහිත්‍යය දෙස බැලීමේදි බුදුන් වහන්සේ හැරුණ විට වැඩිම බැති ගී ප්‍රමාණයක් නිර්මාණයවී තිබෙන්නේ කතරගම දෙවියන් උදෙසායි. අවාසනාවකට මෙම බොහොමයක් ගී නිමවී ඇත්තේ ඉන්දියානු මිත්‍යාවන් නිර්මාණය කල දෙවියන් උදෙසායි. එමනිසා බොහෝ ගීතවල මුහුණු සය අත් දොලස ගැන සඳහන් වෙනවා.
ඉතිහාස කරුණු කෙසේ වෙතත් කතර ගම දෙවියන් උදෙසා නිමැවූ සෑම ගීතයකම අමුතු රසාස්වාද්යක් ගැබ්වී තිබෙන්වා. මේ ඒකල නිතර ගුවන් විදුලියෙන් ප්‍රචාරයවූ රසවත් බැති ගීයක්.

2 comments:

  1. සෑහෙනම කාලෙකින් ඇහුවේ...
    සින්දුවේ නාද මාලාව අමතක වෙලා තිබ්බෙත්
    සුදසිංහ මහත්තයට බොහොම ස්තූතියි මේ වැඩේ කාලයක් තිස්සේ කරගෙන යනවට
    මගේ බ්ලොග් රෝලටත් එකතුකරගන්නවා ඔබේ වෙබ් අඩවිය
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහස් වලට

      Delete